මේ ඔබ දකින්නේ හස්තිසෛලපුර හෙවත් ඇතුගල රාජධානියේ නගර මධ්‍යයේ වැඩ හිඳිනා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ.ඉංග්‍රිසි ඇතුළු සතුරු ආක්‍රමණ නිසා සිංහල රාජධානි මාරුවීමේ ප්‍රතිපලයක් ලෙස ඇතුගල්පුරයද ක්‍රි.ව.1293-1341 කාලයේ දි සිංහල රජ දරුවන්ගේ ප්‍රධාන රාජධානියක් බවට පත් විය. මෙසේ මධය කාලීන සිංහල රාජධානියේ අග නගරය ලෙස හැදඳින්වූ හස්තිශෛලපුරවරයෙහි භූමි මට්ටමේ සිට අඩි 700ක් ද මුහුදු මට්ටමේ සිට අඩි 1100ක් ද උසින් ද අතුගල ගිරි මුදුනෙහි සමාධි සුවයෙන් වැඩ හිඳිනා මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 13,14 වැනි සියවස්වල ශ්‍රේෂ්ඨ මධ්‍යකාලීන ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයට කේන්ද්‍රස්ථානව පැවති දැන් සීගුයෙන් දියුණුවට පත්වන වර්තමානයේ කුරුණැගල නමින් හඳුන්වන නගර මධ්‍යයේ පිහිටි මෙම පිළිම වහන්සේ අතීත ශ්‍රී විභූතිය සිහිගන්වයි.
රජවාසල හා දළදා මාලිගයේ නෂ්ටාවශේශ ගිරිහිස පාමුල පිහිටි පළාත් මහ ලේඛම් කාර්යාලය අසබඩ දැකිය හැකිය.මෙම ඇතුගල පාමුල පිවිසුම් මගට පහළින් මධ්‍ය කාලීන යුගයේ සිට පැවත එන ගල් තලයෙහි නිර්මිත පොකුනක් දැකිය හැකිය.අතීතයේ දී ඇතුගලට ප්‍රවිශ්ට වී ඇත්තේ පව්වෙහි හෙළන ලද පියගැට පෙළ ඔස්සේය.1980 දෂකයේ මුල් භාගයේ දී රථවාහන ගමනාගමනයට යෝග්‍යය මාර්ගයක් ද ඉදිකර තිබේ.
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ හස්තිහෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය විසිනි.මෙම පිළිම වහන්සේගේ උස අඩි 66කි.පාදස්ථල වේදිකාව ඇතුළු පිළිම වහන්සේගේ උස අඩි 99කි.අපදේශක ඉංජිනේරු කණ්ඩායමක් හා මූර්ති ශිල්පියෙකුගේ අධීක්ෂණය යටතේ මෙය ඉදිකර ඇත.සමස්ථ ව්‍යාපෘතිය සඳහා මාස 20ක් පමණ ගත වී ඇති අතර එය විවෘත කරන ලද්දේ 2003 ඔක්තෝබර් මස 06 වැනිදාය.දෙස් විදෙස් ආධාර මත රුපියල් මිලියන 20 ක් මේ සඳහා වැය වී ඇති අතර වර්තමානයේ මෙහි නඩත්තු කටයුතු සැඳැහැවතුන්ගේ අතින් සුදු කෙරෙති.
මේ ඔබ දකින්නේ ඇතුගල සමාධි බුදු පිළිමය අසල පිහිටි අධිෂ්ඨාන ස්ථම්භයයි. ඇත්‍ුගල මුදුනේ සමාධි සුවයෙන් වැඩ හිඳිනා මෙම බුදු පිළිම වහන්සේ දෙනෙතින් දකින්නට,සිරස නමා වැඳ පුදා ගන්නට නොමසුරු සම්පත් හා ශ්‍රමය කැපකළ අධිෂ්ඨානයෙන් අභියෝග ජය ගනිමින් සත්කෝරලයේ අභිමානය ලොවට කියා පාන මෙම පිළිම වහන්සේ නිම කළ සැඳැහැවතුන් සිහිවීම සඳහා ඔවුන්ට උපහාර පිණිස බු.ව.2548 ක් වූ උදුවප් මාසයේ දි මෙම ශිලා ස්තම්භය නිර්මාණය කර තිබේ.
ඊට තරමක් නුදුරුන් පිහිටි ඇතුගල ආරණ්‍ය සේනාසනය සැඳැහැවතුන්ගේ මන දොළ සංසිඳුවා ගැනීමට ලබා දෙන්නේ නොමද පිළිසරණක්.අවුරුදු 40 දී පමණ ගිහි ජීවිතයෙන් මිදී මාතර පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ දි පැවදි ජීවිතයට පැමිණි රඹුක්කන කළ්‍යාණ ධම්ම ස්වාමීන් වහන්සේ මෙම ආරණ්‍ය සේනාසනයේ භාරකාරීත්වය දරන අතර එහි වැඩ වෙසෙන එකම එක භික්ෂුන් වහන්සේ ද වෙනවා. ජීවිතයේ සැඳැ සමය ගත කරන මෙම හාමුදුරුවන් වහන්සේට දැන් වයස අවුරුදු 75ක් පමණ වන අතර වර්තමානයේ සිටින ඇතැම් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලාට මහණදම් පුරන්නටත් සිය භික්ෂු ජීවිතයේ වගකීම කියාපෑමටත් මහඟු ආදර්ශයක් සපයනවා.