Thursday, March 18, 2010

මේ කථාව නම් ඇත්තටම කිඹූල් කථාවක්.

රුහුණූ පුරයේ කෙත්බිම් සරුසාර කරමින් නිල්වලා ගං කොමලිය ගලා බසින්නීය. ගම් බිම් පසුකරමින් මාතර තොටමුණ ප්‍රදේශයෙන් සයුරට එක්වන මේ නදිය දුටු දුටුවන්ගේ සිත් සතුටු කරයි. නමුත් මේ සුන්දරත්වය පිටුපස මිනිසුන් බිය ගන්වන සිදුවීම්ද අසන්නට දකින්නට ලැබේ. ඒ නිල්වලා ගං කොමලිය කිඹුලන්‍ගේ පරාදීසයක්ව ඇති නිසාය. ඉතිහාස‍යේ සිට මේ කිඹුලන් පිළිබඳව නොයෙකුත් කථා අසා ඇති මුත් වර්තමානයේමෙය ව්‍යවසනයක් වන තරමටම වැඩි දියුණු වී ඇත. එයට විවිධ හේතු පාදක වුනත් මෙයින් අපහසුතාවයට පත්වන අහිංසකයන් පිරිසකුත් සිටින බව අප දැනගත යුතුය.

මේ කිඹුලන් නිසා ඒ ප්‍රදේශයේ ඉන්න අයට තමන්ගේ ආර්ථික කටයුතු පවා පවත්වා ගෙන යෑමට නොහැකි තත්වයක් උදා වෙලා.

අචල තාපි සත්වයෙක් විදියට හදුන්වන මේ කිමුලන් අව්ව තපින්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා ගගේ ජල මට්ටම ඉහළ යන විට සීතල දරාගන්න බැරිව මේ කිඹුලන් ගොඩබිමට පැමිණීම සාමාන්‍ය සිරිතක්. ඒ කාලවල දි මිනිසුන්ට කිමුලන්ගෙන් වැඩි තර්ජන වලට මුහුන දෙන්නට මිනිසුන්ට සිද්ද වෙනවා. ඉතින් මේ තත්වය නිසා ජනතාවට ඇති වෙලා තියෙන මේ ගැටළුව විසදන්න මාතර දිස්ත්‍රීක් අපදා කළමනා කරණ මධ්‍යස්ථානය පියවර අරගෙන තියෙනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඒ කිඹුල් තර්ජනය වැඩිපුර තියෙන ප්‍රදේශවල නාන තොටුපළවල් ඉදිකිරීමෙන්. ඉතින් කිඹුලන්ට වැට බැදි කොටුවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි කියලා ඒ ජනතාව විශ්වාස කරනවා.